ඒ, දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමිනි.
නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග නවසීලන්තයට එරෙහි තුන් වැනි එක්දින ක්‍රිකට් තරගයට කැඳවා තිබේ.
තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව මේ වනවිට තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන්.
ශ්‍රී ලංකා කණ්ඩායම වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේය.
ඒ දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් ජය ගනිමින්.
එහි කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
විල් යංග් සහ ටිම් රොබින්සන් නවසීලන්ත ඉනිම ක්‍රීඩා කළේ ය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කෙරිණි
මාර්ක් චැප්මන් ලකුණු 76ක් රැස් කළ අතර, මිචෙල් හේ ලකුණු 49යි.
අවිශ්ක ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු රැකීම අබියස චැප්මන් ඇතුළු පිතිකරුවන් තිදෙනෙක්ටම ක්‍රීඩාගාරයට යෑමට සිදු විය.
මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209ක්.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 6 ලකුණු 132කදී බිඳ වැටුණි.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කළේ කණ්ඩායමට ජීවයක් එක් කරමින්.
මෙන්ඩිස් සමග එක් වූ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27යි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 46ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදීය.