ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවයි.
කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එම අවස්ථාවේ දිවුරුම් දෙන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළඹෙන නොවැම්බර් 21 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පෙරවරු 11.30 ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ඇති.
පසුගිය 14 වැනිදා පැවැති 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන්, ජාතික ජන බලවේගය විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළේ ය.
ඒ, මන්ත්‍රී ආසන 159 ක් දිනා ගනිමින් ය.
ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්යාාව 68 ලක්ෂ 63,186 කි.
එය, ප්‍රතිශතයක් ලෙස, 61.56 % ක් වෙයි.
ඒ අනුව ඡන්දයෙන් මන්ත්‍රී ධුර 141 ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 18 ක්, ජාතික ජන බලවේගයට හිමිවිය.