දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ, ඒ සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථානවල පස්වරු 4.15 ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බවයි.
මේ අතර ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු ද, මේ වන විට ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම, අද (14) පස්වරු 4 ට අවසන් විය.
ඡන්ද විමසීම ආරම්භ වුණේ, උදෑසන 7 ටයි.
මධ්‍යස්ථාන, 13,421 කදී ඡන්ද විමසීම පැවැත්විය.
පාර්ලිමේන්තුව, සභික ධුර 225 කින් සමන්විත වන අතර ඉන්, 196 දෙනෙකු තෝරා පත් කර ගැනෙන්නේ, මහජන ඡන්දයෙනි.
ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසේ.
ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව, 8,888 ක්.
ඉන්, අපේක්ෂකයින් 5,006 ක් ඉදිරිපත්ව සිටියේ දේශපාලන පක්ෂ නියෝජනය කරමිනි.
ස්වාධීන අපේක්ෂකයින් ගණන 3 ,346 ක්.
සෙසු අපේක්ෂකයින් තරග කළේ, ජාතික ලැයිස්තුවෙන්.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි හැත්තෑ එක්ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක්
ඉන්, වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ, ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේයී.
එම සංඛ්‍යාව, දහරට ලක්ෂ අසූඑක්දහස් එකසිය විසි නවයක්.
මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 66 ක් පමණ ප්‍රතිශයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි, දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයක් ඡන්දය සලකුණු කර තිබේ.