නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ දක්වා කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවන බවයි.
මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් - විදෙස් නිරීක්ෂකයින් දස දහසකට අධික පිරිසක් එක්ව සිටී.
ඒ අතරට විදෙස් නිරීක්ෂකයින් 43 දෙනෙකු ඇතුළත් ය.
යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් තිදෙනෙකු සහ අන්ෆෙල් සංවිධානයේ 30 දෙනෙකු ඒ අතර වෙයි.
අසල්වැසි රටවලින් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 10 කි.
මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සංවිධාන 10 ක් නියෝජනය කරමින්, දේශීය නිරීක්ෂකයින් දස දහසක් පමණ එක්ව සිටී.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 5000 කි.
ජංගම නිරීක්ෂණ ක්‍රියාවලියට, සංවිධානය 8කට අවසර හිමිව තිබේ.
නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.