COLOMBO (News 1st) –සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය, ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගත්තේ ය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී රැස් ලකුණු 324 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කළේ ය.
කුසල් මෙන්ඩිස් සිව්වැනි එක්දින ශතකය සමගින් ලකුණු 143 කි.
අවිශ්ක ප්‍රනාන්දු, සිව්වැනි එක් දින ශතකය රැස් කළේ ය.
ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනූව නවසීලන්තයට පන්දුවාර 27 ක් තුළ ලකුණු 221ක ඉලක්කයක් ලබා දෙමින් තරගය යළි ආරම්භ විය.
එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට, නියමිත පන්දුවාර 27 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 175ක් පමණයි.
ඩිල්ෂාන් මධුෂංක, කඩුලු 3ක් දවා ගත්තේ ය.
මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.