ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම, අද(14) උදෑසන 7 ට ආරම්භ විය.
ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ටයි.
මධ්‍යස්ථාන, 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙයි.
මෙරට පාර්ලිමේන්තුව සභික ධුර 225 කින් සමන්විතයි.
ඉන්, 196 දෙනෙකු තෝරා පත් කර ගැනෙන්නේ, ඡන්දයෙන් ය.
ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසෙයි.
ඒ අනූව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 8,888 කි.
ඉන්, අපේක්ෂකයින් 5006 ක් ඉදිරිපත්ව සිටින්නේ, දේශපාලන පක්ෂවලින් ය.
ස්වාධීන අපේක්ෂකයින් ගණන, 3346 කි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි 71 ලක්ෂ 40,354 කි.
ඉන්, වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ, ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ ය.
එම සංඛ්‍යාව, 18 ලක්ෂ 81 129 කි.
අද දහවල් 12 වන විට ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ 20% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය, 20% කි.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ 20% ක ප්‍රතිශතයක් ඡන්දය සලකුණු කර ඇතැයි තේරීම් භාර නිලධාරී ජී.එම්.ජේ.කේ ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය, 34 % කි.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ මහතා අප කළ විමසීමකදී ඒ බව තහවුරු කළේ ය.
ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, 19 % ක ප්‍රතිශතයක් මේ වනවිට ඡන්දය සලකුණු කර ඇති බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, 25% කි.
ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.
මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තේජානි තිලකරත්න මහත්මිය සඳහන් කළේ, 30% ක ප්‍රතිශතයක් ඡන්දය සලකුණු කර ඇති බවයි.
30% ක ප්‍රතිශතයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය සලකුණු කර ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නන්දන ගලබඩ මහතා සඳහන් කළේ ය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ 22% ක ප්‍රතිශතයක් ඡන්දය සලකුණු කර ඇතැයි තේරීම් භාර නිලධාරී ආර්.එම්.ආර් රත්නායක මහතා සඳහන් කළේ ය.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතා පැවසුවේ, 22% ක ප්‍රතිශතයක් මේ වනවිට ඡන්දය සලකුණු කර ඇති බවයි.
අනුරාධපුරයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, 30% කි.
අප කළ විමසීමකදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කේ.ජී.ආර් විමලසූරිය මහතා ඒ බව ප්‍රකාශ කළේ ය.
පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ, 22% ක ප්‍රතිශතයක් මේ වනවිට ඡන්දය සලකුණු කර ඇති බවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ 25% ක ප්‍රතිශතයක්, ඡන්දය සලකුණු කර ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.එස්.පී අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, 37% කි.
රත්නපුර දිස්ත්‍රික්කයේ 25% ක ප්‍රතිශතයක්, ඡන්දය ප්‍රකාශ කර ඇතැයි කේ ඒ ඩබ්ලිව් එල් ඩබ්ලිව් ගුණරත්න මහතා සඳහන් කළේ ය.
කෑගල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා සඳහන් කළේ, 20% ක ප්‍රතිශතයක් ඡන්දය සලකුණු කර ඇති බවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ 18 % ක ප්‍රතිශතයක් ඡන්දය සලකුණු කර ඇතැයි තේරීම් භාර නිලධාරී චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ ය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ 25% ක ප්‍රතිශයක් ඡන්දය සලකුණු කර ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ජේ.ජේ මුරලිදරන් මහතා පැවසුවේ ය.
වව්නියාව, මුලතිව් සහ මන්නාරම පරිපාලන දිස්ත්‍රික්ක වලින් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, 24.5% කි.
සාමකාමීව ඡන්දය විමසීම පැවැත්වෙන බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.ඒ සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේ යත
යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය, යාපනය සහ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කවලින් සමන්විතයි.
එහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, 16% කි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බවයි.