පාලිත මහීපාලගේ නම භාවිතා කර මුදල් ලබාගත් 2ක් කොටු

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ නම භාවිතා කරමින් ඊසි(z) කෑශ් හරහා මුදල් ලබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 13-11-2024 | 6:47 PM

COLOMBO (News 1st) –සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ නම භාවිතා කරමින් ඊසි(z) කෑශ් හරහා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය විසින් ය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ නම භාවිතා කර දුරකතන ඇමතුම් හරහා වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සැකකරුවන් මුදල් ලබාගෙන තිබේ.

මේ වනවිට හෙළිවී ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගෙන්ද සැකකරුවන් මුදල් ලබාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වසර 40 ක් බන්ධනාගාරගතව පොදු සමාව යටතේ නිදහස ලැබු අයෙකි.