රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට පළමු පියවර තබයි..

රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට පළමු පියවර තබයි..

by Staff writer 13-11-2024 | 10:02 PM

COLOMBO (News 1st) –රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට ප්‍රවේශයක් ලබා ගනිමින් විදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා  මරණ සහතික පිටපත් අදාළ තානාපති කාර්යාලවලින් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල,  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ තානාපති කාර්යාල හරහා අදාළ සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා  විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන විද්‍යාත් දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇති බවයි.