මීට පෙර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත පොහොර සහනාධාර මුදල් නිකුත් කෙරුණේ වගාව පිහිටුවා අවසන් වූ පසුවය.
එහෙත් වඩාත් කාර්යක්ෂම ලෙස ඔවුන් වෙත මුදල් ලබා දීමේ අරමුණින් නව තීරණයට එළඹි බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේය.
මේ අතර දිස්ත්රික්ක 19ක ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් මිලියන 521.5ක් අද(13) දිනයේ මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසීය.
ගොවීන් 42125 දෙනෙකු සඳහා එම මුදල් ලබාදෙනු ඇති.
මේ වනවිට ගොවීන් 36587ට පොහොර සහනාධාර මුදලේ පළමු වාරිකය ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.