පසුගිය 23 වැනිදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් කියා සිටියේ , නැවත දැනුම් දෙන තෙක් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ශ්‍රී ලංකාවට අදාළව පනවා ඇති එම ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරගන්නැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.