හිඟ බදු ගෙවීම තවදුරටත් පැහැර හැරීම හේතුවෙන් සුරාබදු කොමසාරිස්වරයා විසින් එම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
ඒ අනුව දෙපාර්තමේන්තුව පැනවූ සීමාවලට යටත්ව නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ දැයි අධීක්ෂණය සඳහා නිලධාරීන් කණ්ඩායමක් ද යෙදවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.
ලබන 30 වැනිදා දක්වා හිඟ බදු ගෙවීමට මෙන්ඩිස් සමාගමට තවදුරටත් අවස්ථාව පවතින අතර එම දිනයට බදු මුදල් නොගෙවුවහොත් එදිනෙන් පසු මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන අත්හිටුවන බව දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.
මෙන්ඩිස් සමාගම රජයට ගෙවීමට ඇති හිඟ බදු මුදල රුපියල් බිලියන 5කට අධික වේ.