මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ අනුව අනිද්දා(14) දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමට අවශ්‍ය ආරක්ෂාව මේ වනවිටත් සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හෙට(13) සිට සිදු කරන බවය.
රාජ්‍ය සේවකයින් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේ රාජකාරි සඳහා යොදවා ඇතැයි මැතිවරණ කොමිසම පැවසීය.
මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයින් සංඛ්‍යාව, 8361කි.
ඉන්, අපේක්ෂකයින් 5015ක් ඉදිරිපත්ව සිටින්නේ, පක්ෂවලිනි.
ස්වාධීන අපේක්ෂකයින් ගණන 3346කි.