ඒ, මාස 10කට අධික කාලයකින් අනතුරුවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(12) පස්වරු 4.15ට කොළඹ කොටුවෙන් තලෙයිමන්නාරම බලා එම දුම්රිය පිටත්වන බවය.
එය තලෛයිමන්නාරමට අද(12) රාත්‍රී 10.15ට ළඟා වීමට නියමිතයි.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොල මහතා සඳහන් කළේ, තලෙයිමන්නාරමෙන් හෙට(13) අලුයම 04.15ට කොළඹ කොටුව බලා ධාවනය වන බවයි.
එම දුම්රිය හෙට(13) උදෑසන 10.15ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මහව සහ අනුරාධපුරය අතර කොටසේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තලෙයිමන්නාරම දුම්රිය ධාවනය නවතා දමා තිබුණි.