පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන හමුවක් අද පස්වරුවේ වව්නියාවේ දී පැවැත්විණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
'' පසුගිය ජනාධිපතිවරණයේදී මේ උතුරේ මේ වන්නි දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට අපි ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණෙ නෑ. ඒ නිසා මොකද කරේ පැරණි ඒවා තෝරගත්තා. හැබැයි සැප්තැම්බර් මාසේ 21වැනිදා මොකක්ද වුණේ? අන්න ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා ඒ ජනතාව තුළ විශ්වාසයක් හැදුවා. දිනන පක්ශය ආණ්ඩු හදන පක්‍ෂය ජාතික ජන බලවේගය කියලා අලුත් ව්‍යාපාරය ගොඩනගලා තියෙනවා. මා හිතනවා ඒ ජයග්‍රහණයෙන්ම වැඩිම උද්දාමයට පත් වුණේ වැඩි ජනතාවගේ අවධානයට ලක්වුණේ උතුරේ ජනතාවගේ. ඒ නිසා දැන් අපිට තියෙන්නේ මොකක්ද උතුර දකුණ නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජනතාව සියලු දෙනා සමගි කරන සියලු දෙනා එක තැනකට ගේන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය''
''අපි දන්නවා විවිධ සමාගම් ඒක්ක ඉතාමත්ම අහිතකරපන්නයේ ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. මේ සූර්යාලෝකය ඉස්සර අපට මේ ඉර පායන්නේ අපේ භූමිය උඩින්. මේ සූර්‍යාලෝකය අපේ බලය. ඒවා තුට්ටු දෙකට විකුණන්න අපි ඉඩ දෙන්නේ නෑ. මතක තබාගන්න. ඒ ගිවිසුම් යළි සමාලෝචනය කරනවා. මේ සම්පත් මේ රටේ සංවර්ධනයට අපි උපයෝගී කරගත යුතුයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න සූදානම්. අපි හදමු අලුත් රටක්. මේ සැරේ දිනන්න ඕනේ දිනිල්ලක් හොඳද අනිත් අයගේ ඇහැට කඳුළු එන්න. ඇඬෙන්න දිනන්න ඕන. ඒ වෙනුවෙන් පෙරට එන්න. ඔබට ආරාධනා කරමින් මම නතර වෙනවා. ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා''