ඒ, විශේෂ රාජකාරී පදනමින් ය.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.
අනතුරකින් පසු, සිවිල් පුද්ගලයින් සමඟ ආරවුලක් ඇතිකරගෙන සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් එම විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලීසියට ස්ථාන මාරු කර ඇත්තේ, යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වනතුරුයි.
චුන්නාකම් පොලීසිය ඊයේ විවෘත කෙරුණේ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ය.