මැතිවරණ ගැන අසත්‍ය ප්‍රචාර සොයන්න විශේෂ කණ්ඩායමක්

මැතිවරණය ගැන සමාජ මාධ්‍ය මගින් සිදු කරන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්..

by Staff writer 10-11-2024 | 8:23 AM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තුව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසිනි.

එම කණ්ඩායමට නිලධාරීන් 5 දෙනෙකු ඇතුළත්වේ.

‍Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ඔස්සේ යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිදු කරන අසත්‍ය ප්‍රචාර සහ අගතියට පත් කිරීම්, ඒ යටතේ නිරීක්ෂණය කරනු ලබයි.

එවැනි දැන්වීම්, සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

බරපතල ගණයේ සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද, මැතිවරණ කොමිසම සඳහන් කරයි.