ඒ අනුව මෙම මස 30 වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
හිඟ බදු ගෙවීමට සිටින සමාගම් සංඛ්‍යාව, 10 කට ආසන්න වේ.
ඔවුන්, රුපියල් බිලියන 8.5 ක මුදලක් ගෙවීමට ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2023 - 2024 කාලසීමාවේ පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය, රුපියල් බිලියන 1.8 කට ආසන්න වේ.
මෙම මස 30 වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.