වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.
අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිසට ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අද සරම්ප එන්නත් මාත්‍රාව ලබා ගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
අවුරුදු 9 සිට 19 දක්වා නිසි ආකාරයෙන් සරම්ප එන්නත ලබාදුන් පිරිසට ද එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට හැකියාව ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේ ය.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.
ඒ , හේතුවෙන් එන්නත් කරන වැඩසටහන ආරම්භ කර තිබේ.
පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,100 කි.