ඒ , තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
ඊයේ රාත්‍රියේ නිකුත් කළ එම නිවේදනය අද පෙරවරු 11.15 දක්වා බලපැවැත්වෙයි.
එහි දැක්වෙන්නේ වයඹ , මධ්‍යම , ඌව , සබරගමුව , උතුරුමැද , සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති වන අකුණුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට මේ දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ මඩකලපුවටයි.
එම අගය මිලිමීටර් 129 .5 කි.
කුරුණෑගල, වදාකඩ ප්‍රදේශයට මිලිමීටර් 111ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
අම්පාර , මහඔයට එම කාල සීමාව තුළ ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 105.5 කි.
පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරුව දක්වා බලාත්මකයි.