COLOMBO (News 1st) - විදුලි බිල 30% කින් අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන හමුවක් අද (09) පස්වරුවේ දඹුල්ල නගරයේදී පැවැත්විය.
ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, වංචා දුෂණ විශාල ප්‍රමාණයක් පිළිබඳව පරීක්ෂණ අවසන් කර අධිකරණය හමුවට ගෙනෙන බවයි.