COLOMBO (News 1st) -
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින්(08) අවසන් වෙයි.මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 30 , මේඉ මස පළමු වැනිදා හා හතර වැනිදා යන දිනයන්හි තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වූවන් සඳහා අදත් සිය තැපැල් ඡන්දය භාවිත කිරිමට පහසුකම් සලසා ඇති බවයි.
ඒ , තම සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් ලේකම් කාර්යයාලයේදී ය.
පසුගිය 30 , 01 හා 04 වැනිදා තැපැල් ඡන්දය භාවිත කිරිමට නොහැකි පිරිස් සඳහා ඊයේ හා අද දිනයේ අතිරේක දින දෙකක් ලෙස වෙන් කර තිබේ.
මෙවර තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පිරිස 736,000 කට අධිකයි.