ගම්මැද්ද පාලමක් අද ජනතා අයිතියට

කොලේයාය සහ ඇල්දෙණිය ගම්මාන යා කෙරෙන ගම්මැද්ද පාලම අද ජනතා අයිතියට.

by Staff writer 08-11-2024 | 7:11 AM

COLOMBO (News 1st) -

කුඩා ඔහ හරහා වැටී ඇති බදුල්ල රිදීමාලියද්ද, කොලේයායත් ඇල්දෙණිය ගම්මානයත් යා කරන  මාර්ගයේ ගමන් ගන්න මිනිස්සු අවුරුදු ගාණක ඉදලා පිඩා පත් වුණේ පාලමක් නොමැතිකම නිසාවෙන් ය.

ඇල්දෙණිය ගමේ පවුල් 600ක් වගේම දරුවෝ පණහකට වැඩි පිරිසක් දිනපතා පසල් යන්නේ එම මාර්ගයෙන් ය.

ජීවිත අවදානම අතේ තියන් යන මේ ගමන හරිම අවදානම්.

වැස්ස කාලෙට, ඔය පිටර ගලනවා. ගම් යට වෙයි.

ගොවිතැනින් බත සරි කරන ගමේ මිනිස්සුත් හරිම අසරණයි.

ගම්මැද්ද ගොයින් ගෙට ක්‍රියාන්විතයෙන් මේ ප්‍රශ්ණය හඳුනගත්ත ගම්මැද්ද අපේ කණ්ඩායම කොලේයායත් ඇල්දෙණියත් යා කරන්න පාලමක් හදන්න තීරණය කළේ ය.

මේ කටයුත්තට මුල පිරුවේ පසුගිය ජුනි මාසේ 8 වැනිදා ය.