ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 4ක් අධිකරණය මුදා හරී.

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 4ක් අධිකරණය මුදා හරී..

by Staff writer 07-11-2024 | 8:27 PM

COLOMBO (News 1st) -

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(07) නියෝග කළේ ය.

ඒ, විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමකට අනුවයි.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව්දෙනාගෙන් ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනූව දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව විමර්ශන නිලධාරීන් පෙන්වා දී තිබේ.

නමුත්, ඔවුන් සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් මුදාහැරීමේ නියෝගයක් දෙන්නැයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එලෙස මුදාහැරීමට නියෝග කර ඇත්තේ, ඇන්ටන් සුදර්ශන ,හර්මන් ගීතන් මෝසස් ,අර්නස් රාජ් හා තෝමස් ගොඩ් කොන්ට් යන සැකකරුවන් ය.