COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට සජීවීව සිය පාක්ෂිකයින් අමතමින් තමන් ජයගෙන ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කළේ ය.
අමෙරිකාවේ ප්‍රාන්ත 50 සහ කොලොම්බියා දිස්ත්‍රික්කයට අයත් ආසන 538න් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ආසන 270ක බහුතරය දිනා ගත යුතුයි.
විදෙස් මාධ්‍ය නිකුත් කර ඇති පුරෝකථනවලට අනුව ඔහු මේ වනවිට ජයග්‍රහණය කර ඇති ආසන සංඛ්‍යාව 267කි.
ඩිමොක්රටික් පක්ෂයේ කමලා හැරිස්ට හිමිව ඇතැයි වාර්තා වන්නේ ආසන 224ක් පමණි.
1946 ජුනි 14 වැනිදා අමෙරිකාවේ, නිව්යෝක් හි උපත ලද ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් කුඩා කළ සිට පවුල් පසුබිමෙන් ලැබුණ ව්‍යාපාරික ආභාෂය හේතුවෙන් 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය.
සිය පියාගේ ව්‍යාපාරයේ සභාපති ධුරය 1971 දී ඔහුට හිමිවිය.
1990 දශකයේ අග භාගයේදී සිය ව්‍යාපාර බංකොලොත් විමට පටන් ගැනීමත් සමග හොටල් කේෂ්ත්‍රයට අදාලව කළ ව්‍යාපාරවලින් පරිභාහිරව ඔහු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයට පිසිවියේය.
2004 සිට 2015 වසර දක්වා රියැලටි ටෙලිවිෂන් වැඩසටහනක් වන The Apprentice හි පූරකයා සහ සම නිෂ්පාදකයා ලෙස කටයුතු කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් නාමය අමෙරිකාව පුරා ප්‍රචලිත වීමට පටන් ගැනිණි.
2016 වසරේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිලරි කිල්ටන්ට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාල 304ක බහුතරයක් ලබා ගනිමින් අමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා බවට පත්විය.
එමෙන්ම රාජ්‍ය සේවයේ පෙර අත්දැකීම් නොමැතිව ජනාධිපතිවරයා බවට පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා බවට ද ඔහු ප්‍රකට විය.
සිය ධූර කාලය තුළ සිදුවූ මතබේදාත්මක සිදුවීම් රාශීයක් හේතුවෙන් 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ජෝ බයිඩ්න් මැතිවරණ විද්‍යාල 306ක බහුතරයක් ලබා ගනිමින් අමෙරිකාවේ 46වෙනි ජනාධිපතිවරයා බවට පත්විය.
එහෙත් සිය පරාජය ප්‍රතික්ෂේප කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ වංචාවක් සිදුවූ බවට ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ පාක්ෂිකයින් 2021 ජනවාරි 06 වැනිදා අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම ලොව පුරා අවධානය යොමු විය.
2024 වසරේ මැතිවරණ ප්රචාරක කටයුත්තක් අතරතුර ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමත් සමග නැවත ලොවපුරා අවධානය ඔහුට යොමුවිය.
එම වෙඩිතැබීමෙන් ට්‍රම්ප් සුළු තුවාල ලැබුවේය.
මෙවර ජනාධිපතිවරණය පුරාවට කැපී පෙනෙන ප්‍රචාරණ කටයුතුවල නිරත වූ ට්‍රම්ප් අවසානයේ ලොව බලවත්ම රාජ්‍ය වන අමෙරිකාවේ මුල් පුටුව දක්වා ඔසවා තැබීමට අමෙරිකානු ජනතාව තීරණය කළේ දෙවන වරටත් ජනපති වගකීම ඔහු වෙත පවරමින් වීම විශේෂත්වයකි.
ඒ අනුව පරාජයේ අඳුරු සෙවනැලි තුළින් යළිත් ජයග්‍රහණයේ හිනි පෙත්තටම එන්නට ඩොනල්ඩ් ට්‍රමප් සමත් විය.