පොලිසිය සඳහන් කළේ, එහි අංක තහඩු නොමැති බවයි.
මෙය කවුරුන් විසින් භාවිතා කළේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර , පසුගිය දින කිහිපයේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි වාහන කිහිපයක් සොයා ගනු ලැබුවේ ය.
මිරිහාන ප්‍රදේශයේදි ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි ජීප් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගරගත වයි.
මේ අතර , නීති විරෝධිව එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන හෝටලයක තිබී සොයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණ.