COLOMBO (News 1st) - මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට අද (06) භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එම්. එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 17ක සහල් හා වී තොග පිළිබඳ එම වර්තාවට දත්ත ඇතුළත් බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරීයේ නිලධාරීන් පසුගිය දිනවල එම දිස්ත්‍රික්කවල මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සතු වී හා සහල් තොග පිළිබඳ සමීක්ෂණය කර තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ, එම වාර්තාවේ සඳහන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉදිරි පියවර ගනු ඇති බවයි.
මේ අතර වෙළෙඳපොළේ නාඩු සහල් මිල ගණන් තවදුරටත් පාලන මිල ඉක්මවා අලෙවි කරනු ඇත.
ඇතැම් වෙළෙඳ සැල්වල නාඩු සහල් හිඟයක් ද පවතින බව ජනතාව ප්‍රකාශ කළේ ය.