COLOMBO (News 1st) - 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වේ.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, නොවැම්බර් මස 30 වැනි දා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
සියලුම පාසල් අයැදුම්කරුවන්, විදුහල්පති මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.
පෞද්ගලික අයැදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයැදුම් කළ යුතු වේ.
ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයැදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
නොවැම්බර් මස 30 වැනි දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මෙම විභාගය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ නොහැකි බවත්, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.
විභාග දෙපාර්තමේන්තුව නිවේදන කළේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112784208, 0112784537 සහ 0112785922 දුරකතන ඔස්සේ ලබා ගත හැකි බවයි.