ජනපති රුව සහිත 5000 නෝට්ටුවක් Internet දැමූ අයෙක්

ජනපතිගේ රුව ඇතුළත් ව්‍යාජ රු. 5000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරි පුද්ගලයෙක් අත්අඩංගුවට

by Staff writer 05-11-2024 | 9:13 AM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) සඳහන් කළේ, ඔහු ඊයේ (04)  පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ප්‍රදේශයේ පදිචිකරුවෙකි.