විදුලිය ගාස්තු අඩු කිරීමට නව යෝජනාවලියක්..

විදුලිය ගාස්තු අඩු කිරීමට අදාළව නව යෝජනාවලියක් ලබන 8 වැනිදාට පෙර දෙන්න,මහජන උපයෝගීතා කොමිසම මණ්ඩලයට දැනුම් දෙයි

by Hashini De Mel 04-11-2024 | 10:34 PM

COLOMBO ( News 1st ) - විදුලිය ගාස්තු අඩු කිරීමට අදාළව නව යෝජනාවලික් ලබන 08 වැනිදාට පෙර ලබා දෙන්නැයි, මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ, මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සුත්‍රයට අනුව අනුකූලතාව පිළිබඳ ගැටලු ඇතිවීම හේතුවෙනි.

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, එම යෝජනාවලිය අධ්‍යනයේදී විදුලිබල මණ්ඩලය සිදුකරන ගාස්තු යෝජනා ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු අඩු කිරිමට හැකියාව ඇතැයි නිරීක්ෂනය වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනයට යෝජිත ප්‍රතිශතය සියයට 6 ක්.