ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, ඇලපාත, ඇහැලියගොඩ, කුරුවිට, ගොඩකවෙල, පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානම් නිවේදනයක් කර ඇති බවයි.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයයේ වරකාපොල සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පෙ, ඕපනායක, කිරිඇල්ල හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත විමසිලිමත් වන ලෙස දන්වා නිවේදනයක් නිකුත් කර ඇතැයි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය නිවේදනය කළේ ය.
මේ අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.