COLOMBO (News 1st) - 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන්නැයි, පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබේ.
ඒ, මානව හිමිකම් කොමිසම විසිනි.
එම කොමිසම සඳහන් කළේ, ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.
පසුගිය 30 වැනි දා පැවති මානව හිමිකම් කොමිසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව පිළිබඳ දීර්ඝ ලෙස සමාලෝචනයක නිරත වී තිබේ.
එහිදී පැමිණිලි පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ, එම වාර්තාවේ සඳහන් ප්‍රශ්න ගණනට වඩා වැඩි සංඛ්‍යාවක් විභාගය පැවැත්වීමට පෙර පිටවී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවට අනුව, විභාගයට පෙර පිටව ඇත්තේ, ප්‍රශ්න 3ක් පමණක් බව මානව හිමිකම් කොමිසම පැවසීය.
ඒ අනුව, පැමිණිලි පාර්ශ්වයේ නිරීක්ෂණ ලබාදීමෙන් පසු 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.