කිරම ඔයේ ජල මට්ටම ඉහළට..

කිරම ඔයේ ජල මට්ටම ඉහළට.. අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි අනතුරු අඟවීම්..

by Staff writer 02-11-2024 | 4:57 PM

COLOMBO (News 1st) - කිරම ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ගයාන් මාදුවාගොඩ මහතා පැවසුවේ, බෙලිඅත්ත, තංගල්ල, වලස්මුල්ල, ඔකේවෙල ප්‍රදේශවල කිරම ඔය අවට ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

කිරම ඔයෙන් වරාපිටිය ජලාශයට අඩි 3 බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

කැකිරියගොඩ ජලාශයට අගල් 14 බැගින් වාන් දොරටුවක් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.