Colombo (News1st )-
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය අද (01) ඇප මත මුදා හැරියේ ය.ඒ රුපියල් 25,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත යි.
සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් නිකුත් කල වරෙන්තු නියෝගය අනුව සිය නීතීඥවරුන් මාර්ගෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අධිකරණට ඉදිරිපත් විය.