මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

රුහුණු කුමාරි පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

by Staff writer 01-11-2024 | 6:55 AM

COLOMBO (News 1st) – මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ගිංතොට දක්වා සීමා කර තිබේ.

ඒ , ගාල්ල ගිංතොටදී රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් ය.

දුම්රිය නැවති පීලිගත කිරීමට මෙතෙක් හැකිවී නොමැති බව ද දුම්රිය පාලක මැදිරිය පැවසු‌වේ ය.

පාලක මැදිරිය ප්‍රකාශ කළේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයෙ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි

මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ '' රුහුණු කුමාරි '' දුම්රිය ඊයේ පස්වරුවේ ගිංතොටදි පිලි පැනිමට ලක් විය.