දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි.
මේ වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අම්බලන්ගොඩ දක්වා සීමා කර තිබේ.
අද රාත්‍රියේ ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය ඇතුළු සියලු දුම්රිය , අම්බලන්ගොඩ දක්වා සීමා කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රිය පීලිගත කිරිම කඩිනමින් ආරම්භ කරන බවයි.
හෙට උදෑසන කාලයේදී ද මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.