පළාත් කිහිපයකට වැසි සමග ප්‍රභල අකුණු..

පළාත් කිහිපයකට වැසි සමග ප්‍රභල අකුණු..

by Staff writer 30-10-2024 | 4:03 PM

COLOMBO (News 1st) –ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හම්බන්තොට , පොළොන්නරුව , කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.

තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.