තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කළේය.
එම වරෙන්තු නියෝගයට එරෙහිව උපුල් තරංග මහතා විසින් ගොනුකර ඇති රිට් පෙත්සම අද යළි සලකා බැලුණේ, මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී ය.
එහිදී උපුල් තරංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා පවසා සිටියේ, තම සේවාදායකයා ඉදිරි නඩු දිනයේදී මාතලේ අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂි ලබාදෙන බවයි.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළේ ය.