47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බව විදෙස් වාර්තාවල සඳහන් විය.
එරට බලධාරීන් සඳහන් කළේ, ඒ අතුරින් ඡන්ද දායකයින් මිලියන 51කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇති බවයි.
අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කලින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වුවද ජනාධිපතිවරණ දිනය ලෙස සැලකෙන්නේ නොවැම්බර් 5 වැනි දායි.
ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂයේ කමලා හැරිස්, අද(30) ඔවුන්ගේ අවසාන මැතිවරණ රැළි පවත්වන බව ද විදෙස් වාර්තා පවසයි.