.webp)
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අද(28) මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවේය.
එහිදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිම සඳහා රජයේ නීතිඥවරයෙකු පත් කර නොමැති වීම හේතුවෙන් ඊට දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් නඩු කල් යාම නුසුදුසු බව සඳහන් කර සිටියේය.
එබැවින් මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත් කළ යුතු බවට විනිසුරු මඩුල්ල කරුණු දක්වා සිටියේය.
ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට 2021 වසරේ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තීරණයක් ගෙන තිබූ බව පෙත්සමේ සඳහන්.
එමෙන්ම එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් සිදු නොකළ බව ද කියා සිටින පෙත්සම්කරුවන් පවසන්නේ එම තීරණය ජාතික වන භූමි පනතේ විධි විධානයන්ට පටහැනි බවයි.
එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හා අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතු වලදී සිදුකළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා ඇතුලු පිරිසක් නම් කර තිබේ.