ජන්ද මධ්‍යස්ථාන ගැන දැනුම්දීමක්..

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර..

by Staff writer 28-10-2024 | 10:42 AM

COLOMBO ( News 1st ) - මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 ක් පිහිටුවන බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,881,129 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,212ක් ද කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,024,244 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 735 ක් පිහිටුවන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව, එනම් ඡන්ද දායකයින් 91,607 සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 108ක් පිහිටුන බව එම කොමිසම පැවසුවේ ය.

ඒ අනුව මෙවර මැතිවරණයේදී දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

ක්‍රියාත්මක ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,034 කි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් සුදුසුකම් ලබා තිබේ.