ඉතාලි තානාපති කාර්යාලයේ ඡායාරූප ගත් අයෙක් රිමාන්ඩ්

කොළඹ, ඉතාලි තානාපති කාර්යාලයේ ඡායාරූප ගත් පුද්ගලයෙක් රිමාන්ඩ්..

by Staff writer 28-10-2024 | 10:49 AM

COLOMBO ( News 1st ) - කොළඹ, ඉතාලි තානාපති කාර්යාලය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු එම තානාපති කාර්යාලය ඡායාරූප ගතකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලේඛන කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හැවිරිදි යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.