ඒ අනුව, බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂාවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම් දෙනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට 50mm ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.