ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් ප්‍රවාහනය නවති

මෙරට ඌරන් අතර අප්‍රිකානු සූකර උණ ඇති බවට හඳුනා ගැනේ... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් ප්‍රවාහනය තහනම්...

by Staff writer 27-10-2024 | 4:16 PM

COLOMBO (News1st) - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් ප්‍රවාහනය නවතා දමා තිබේ.

ඒ, මෙරට ගොවිපොළවල් කිහිපයකින් අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයන් වාර්තා වීම හේතුවෙනි.

එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් ක‌ළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවය.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වලින් වාර්තා වුණු වෛරස් රෝගයක් හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දිනවල මිය ගොස් තිබේ.

එම නිසා රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම සිදු කෙරුණු බව සඳහන් වේ.

වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, වෛරස් රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම සුදුසු නැති බවයි