ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට..

ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට..

by Staff writer 27-10-2024 | 9:02 AM

COLOMBO (News 1st) -

උතුරු මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද අලුයම පේදුරුතුඩුව මුහුදේදී ය.

ඔවුන් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 462 කි.

ඔවුන් පැමිණි යාත්‍රා 62 ක් ද, සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.