අයිස් කිලෝ 5ක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට..

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට..

by Staff writer 27-10-2024 | 9:46 AM

COLOMBO (News 1st) -

මලයාසියාවේ සිට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන දිවයිනට පැමිණි ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය.

ඔහු සතුව තිබී සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26 කි.

51 හැවිරිදි සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු රැගෙන යාම සඳහා ගුවන්තොටුපොලට පැමිණි දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊට ආධාර අනුබල දීමේ චෝදනා මතයි.

ඔවුන් වෑබොඩ සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.