කොදෙව් - ශ්‍රී ලංකා 3වන එක්දින තරගය අද...

ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව 3-0 පූර්ණ එක්දින තරගාවලි ජයක් අද ලබයිද?

by Chathurika Jayasundara 26-10-2024 | 9:33 AM

COLOMBO (News1st) -සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(26) පැවැත්වේ.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

තරග තුනකින් සමන්විත දෙරට අතර මෙම එක්දින තරගාවලිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජය ගෙන තිබෙන්නේ තරග 2ට 0ක් ලෙසයි.

අද(26) තරගය සඳහා සහභාගී වන දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ(25) පුහුණුවීම් වල නිරත විය.

එම පුහුණුවීම් අවසානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කළේ, ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ තත්ත්වය යහපත් බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙනස්කම් පිළිබඳව තවම වාර්තා වන්නේ නැත.

අද තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.