වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ඇරඹෙයි..

වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ඇරඹෙයි..

by Staff writer 23-10-2024 | 4:42 PM

COLOMBO (News 1st) -වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් තොරතුරු රැස්කර ගන්නා බවයි.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් කඩිනමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද, ඔහු පැවසුවේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් උපදෙස් පරිදි එම වැඩපිළවෙල ආරම්භ කර ඇති බවයි.