පරරාජසිංගම්ගේ නාමයෝජනා පත්‍රය අනුමත කරන්නැයි නියෝග

පරරාජසිංගම්ගේ නාමයෝජනා පත්‍රය අනුමත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට නියෝග..

by Staff writer 23-10-2024 | 6:09 PM

COLOMBO (News 1st)- පාර්ලිමේන්තු මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසා මහතාගේ නාමයෝජනා පත්‍රය අනුමත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අද(23) නියෝග කළේ ය.

ඒ, එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් පරරාජසිංගම් උදයරාසා මහතා භාරදුන් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පසුගියදා ප්‍රතික්ෂේප කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය නිකුත් කරමින් පැවසුවේ , දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවයි.