ට්‍රැමී සුළි කුණාටුව නිසා පිලිපීනයේ පාසල් වැසේ..

ට්‍රැමී සුළි නිසා පිලිපීනයේ ලුසොන් දූපතේ රජයේ ආයතන සහ පාසල් වැසේ...

by Hashini De Mel 23-10-2024 | 11:12 AM

COLOMBO ( News 1st ) - ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ලුසොන් දූපතේ රජයේ ආයතන හා පාසල් වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට ප්‍රධාන දූපත වන ලුසොන්හි නැගෙනහිර වෙරළට සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට තද සුළං හා තද වැසි පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කර  තිබේ.

වාර්තා වන සුළගේ වේගය පැයට කිලෝමීටර් 85කි.