ජොන්ස්ටන් ප්‍රනාන්දු CID අත්අඩංගුවට..

by Staff writer 23-10-2024 | 10:56 AM

COLOMBO ( News 1st ) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ ය.

එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් තම සන්තකයේ තබා ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) උදෑසන අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට පැමිණියේ ය.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි අද කොළඹ මහාධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කරන ලදි.

ඒ , සතොස සේවකයින් පිරිසක් නිල රාජකාරිවලින් බැහැරව වෙනත් කටයුතු සඳහා යෙදවීමට අදාළව ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.